Monday, October 3, 2011

ලියමු රස කතාවක්

මේක පුංචිම පුංචි සිද්ධියක්. මගෙ හිතවතෙකුට වෙච්ච. හිනා යන්නෙ නැත්තං ඉතිං ආපහු කතා නොලියා ඉන්නං.

මේ හිතවතාට කවුරුත් ආදරේට කියන්නෙ වොඩ්කා කියලා. දෙමව්පියො දාල තියෙන නම ලස්සන උනාට ඒ නමින් මේ මනුස්සයව කවුරුත් නොදන්න හින්ද තමයි කවුරුත් වොඩ්කා වගේ සුරතල් නමකින් අමතන්නෙ.

වයස ටිකක් විතර මෝරල උනත් අපිටත් වඩා කුරුල්ලෙක් වගේ තමා මේ වොඩ්ක ඉන්නෙ. දවසක් මෙයා යාලුවෙක් හම්බු වෙන්න යාලුවගෙ ගෙදරට ගිහින්. ඒ යාලුව රැකියාව විදිහට කරේ ඔය රක්ෂණ සමාගමක ඉහල තනතුරක් දරපු එක අලෙවිකරණය සම්බන්ධයෙන්. ඒ අයගෙ සාමාන්ය දින චරියාව ගෙවෙන්නෙ වෙලාවක් කලාවක් නැතුව පාරිභෝගිකයො මුන ගැහෙන්න යන එකෙන්නෙ. ඉතිං මෙදා මේ යාලුවටත් වෙලා තිබ්බෙ ඔය වගෙ වැඩක් තමයි.

වාහනේ යන අතරෙ දෙන්න අතරෙ කතාව මෙහෙමයි

වොඩ්කා - මචං මේ අපි කොහෙද යන්නෙ දැං?

යාලුවා - ආ මචං අපි මේ යන්නෙ මහරගම කිට්ටුවටනෙ. මට පොඩි වෙලාවක් දියං ඊට පස්සෙ කොහෙට හරි සෙට් වෙමු

වොඩ්කා - ආ එළ එළ. මම වයිෆ්ට කියන්නම් පොඩ්ඩක් රෑ වෙනවා කියල.

(වයිෆ්ට කෝල එකකුත් දුන්න ලු යන අතරෙම)

වොඩ්කා - මචං ඔය මහරගම හරියෙ තියෙනවලු මරු මසාජ් ක්ලිනික් එකක්.

යාලුවා - උඹ කොහොමද දන්නෙ?

වොඩ්කා - එදා මම දැක්ක බොරැල්ලෙ හන්දියෙ බඩු සෙට් එකක් කාඩ් බෙද බෙදා හිටියා. මටත් උං කාඩ් වගයක් දුන්නා

යාලුවා - කෝ කාඩ් තියේද ලඟ? යන්න තිබ්බා

වොඩ්කා - මම ඔය ****ල් අස්සෙ රිංගන්න යන්නෙ නෑනෙ බං. මම ඒක කාටද දුන්න වගේ මතකයි

ඔහොම ගිහින් දෙන්න පොඩි ඩ්‍රින්ක් එකක් එහෙම දාල ගෙදර එහෙමත් ගිහින් නිදාගත්තලු.

පහුවදා උදේ වොඩ්කගෙ බිරිඳ හොඳ හිනාවක් එහෙම දාල අහනවලු වොඩ්කගෙන්

“ඔයා ඊයෙ මට ගෙදර එන්න රෑ වෙනව කියල කෝල් කරල ඉවර වෙලා කෝල් එක කට් කලාද?”

මිනිහට ඒ වෙලාවෙ උදැල්ලක් හම්බු වෙලා නෑ. හම්බු උනානං තාම හාරනවලු.

9 comments:

  1. අඩේ වොඩ්කට බඩ කපන් මැරෙන්න හිතෙන්න ඇති.එළ එළ අලුතා දිගටම ලියමු නියමයි ...........:D

    ReplyDelete
  2. ටිකක් විතර හිනායනවා ඕක පස්සට හරියාවි හැබැයි දිගටම ලියන්න අනික දෙබස් ගැලපුම ටිකක් විතර හදහා ගත්තනම් හොඳයි (මෙහෙම කියුවට අමනාප නැහැනේ )

    ReplyDelete
  3. වොඩ්ක ගොඩ වගේ නේද ?

    ReplyDelete
  4. @ ලයන් - එළ

    @ ලොකු ජෝන් - එහෙම කියන එකට තරහ නෑ සන්තෝසයි (හදාගන්න ඇහැකිනෙ)

    @ ගීතික - ඒ වගේ අර නොයන කතාව කියාපු එකෙන් හික් හික්

    ReplyDelete
  5. අඩෝ අලුතා... අවුලක් නෑනේ බං ගෑනි දිගටම අහගෙන හිටියනම්.මොකද එතන කියනවනේ මට ඔය ***වල් වැඩක් නෑ.කාටද දුන්න කියල

    ReplyDelete
  6. බැරි වෙලා හරි දෙන්න ඕකට යන්න සෙට් වුනානම් අරූ ගෙදර ගිහින් ඉවරයි.

    කොහොම හරි අන්තිමට run rate 1 වැඩි කරගත්තනේ...

    ReplyDelete
  7. වෙලාවට පොර මාසාජ් එකකට යන්න කතා කලේ නැත්තෙ .....

    ReplyDelete
  8. හික්ස්... පට්ට කතාව! රෙදි ගලවාගත්තා වගේ!

    ReplyDelete
  9. හිනාගිය මචන් එකටනම් එල කතාව.

    ReplyDelete