Saturday, April 16, 2016

!!!! .... වේයන් වැනි නෑයන්ගේ වැඩ .... !!!!

මේක ටිකක් පරණ කතාවක් ......


        ඔන්න අපේ අපේ තාත්තගේ පැත්තෙන් නෑ වෙන ලඟම නෑයෙක් හිටියලු.මේ ලඟම නෑයට හිටියේ දුවෙකුයි පුතෙකුයිලු.ඔන්න ටිකක් කල් යන කොට දුවට කොල්ලෙක් සෙට් උනාලු.මේක දැන් අපේ ලඟම නෑයන්ට අරංචි උනාලු.ඉතින් කොල්ල ගැන හොයල බලලා කොල්ලගේ ගෙදරත් එක්කත් කතා කලාලු.කොහොම හරි පවුල් දෙකම ශේප් නිසා ලව් එකත් නැගලා යනවලු.
        ටික කලක් යන කොට කොල්ලගෙ සල්ලි වලින් අපේ ලඟම නෑයෝ කාර් එකකුත් ගත්තලු.ඔය විදිහට අවුරුදු 2ක් විතර මේ ලව් එක ගියලු.ඉතින් ඔය අතරේ අපේ ලඟම නෑයගේ දුවත් එක්ක ඒ කොල්ලා අපේ ගෙදරත් ඇවිත් ගිහින් තියෙනවලු.ඔය විදිහට අපේ ඔක්කොම නෑයොයි කොල්ලගෙ නෑයොයි මේ සම්බන්ධය ගැන දන්නවලු.මේ කපල් එක ලබන අවුරුද්දේ බඳින්නත් හිටියලු.
        ඔන්න ඔය අතරේ මේ ලඟම නෑයගෙ දුව මුහුණු පොතෙත් ඉන්නවලු.ඉතින් ඔහොම ඉන්න අතරේ මුහුණු පොතේ කොල්ලෙක් ලයින් පාරකුත් දැම්මලු.ඕක ටික ටික වර්ධනය වෙලා ඒ ලව් එකත් පටන් ගත්තලු.ඉතින් ලව් 2ක් එක පාරක යන්න බෑනේ.ඉතින් ඕක අර බඳින්න හිටිය කොල්ලගෙ අතටම අහු උනාලු.දැන් එක කෙලියයිලු.බඳින්න හිටිය කොල්ලගේ ගෙදරින් ඕක අතාරින්න කියනවලු.අනිත් කොල්ලා කෙල්ල නැතුව ජීවත් වෙන්නේ නෑ කියනවලු.ඒ අතරේ ඒ කොල්ලා වහත් බිව්වලු.හැබැයි මැරුනේ නෑලු.
        කොහොමින් කොහොම හරි ඔය ප්‍රශ්න නිසා කෙල්ලව ගෙදරින් පිට කලාලු.අපේ ගෙදර ඇවිත් නැවැත්තුවලු.හැබැයි අපේ ගෙදරට කොලේ වැහුවලු.වෙන ප්‍රශ්නයක් නිසා කිව්වලු.ඉතින් අපේ ගෙදර ලඟම නෑයගෙ දුව මාස 3ක් 4ක් හිටියලු.ඔය ඉන්න අතරේ කෙල්ලගෙ වැඩේම එක්කෝ ෆෝන් එකෙන් මැසේජ් කරන එකලු.නැත්නම් මුහුණු පොතර ලොග් වෙන එකලු.දැන් කොහොම හරි අපේ ලඟම නෑයා වැරැද්ද තමන්ගේ දුවහේ කියලා පිලිගන්නෙම නැහලු.ඔය අතේ අපේ ගෙදර තිබ්බ බඩු වගයක් එහෙමත් නැති උනාලු.කොහොම හරි බඳින්න හිටිය කොල්ලගෙ සම්බන්දෙ නැවතුනාලු.කොල්ලට ගෙදරින් වෙන කෙල්ලෙක් හොයලා දුන්නලු.ගත්තු කාර් එකත් කොල්ල ආපහු ගත්තලු.අනිත් ලව් එක නැගලා යනවලු.
          කොහොම හරි මේ කෙල්ලගෙ එක හොඳක් තිබ්බලු.ඒ උන දේවල් හැම දෙයක්ම ඩයරියක ලියලා තිබ්බ එකලු.අපේ ගෙදර අයට මේ ඩයරිය මාට්ටු උනාලු.අපේ ගෙදරින් ලඟම නායටයි කෙල්ලගෙ තාත්තටයි එන්න කියලා ඒ දෙන්නට මේ ඩයරිය දුන්නලු.දැන් වැඩේ පත්තු උනාලු.අපේ ලඟම නෑයට හෙන අවුල්ලු.ඒ ඔක්කොම විස්තර එලි උන නිසාලු.කොහොම හරි කෙල්ල අපේ ගෙදරි ගියාලු.කෙල්ල ගියට පස්සේ අපේ ගෙදර තිබ්බ බෙට් ශීට් වගේකුයි හැඳි වගේකුයි නා කියලා දැන ගත්තලු.කොහොම හරි අර පලවෙනි කොල්ලගෙ වෙඩිම ලඟදිම ගන්නවලු.කෙල්ල තවත් කොල්ලෙක් එක්ක පටලුනා කියලා අරංචිලු.අන්තිමට කෙල උනේ අපේ ගෙදර තිබ්බ බෙට් ශීට් වලටයි හැඳි වලටයිලු .....
මේ ලඟම නෑයගෙ දුව ම්ගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙත් ඉන්නවලු.හැබැයි මම නම ගම කියන්නේ නෑලු ...... grin emoticon
        ටික කලක් යන කොට කොල්ලගෙ සල්ලි වලින් අපේ ලඟම නෑයෝ කාර් එකකුත් ගත්තලු.ඔය විදිහට අවුරුදු 2ක් විතර මේ ලව් එක ගියලු.ඉතින් ඔය අතරේ අපේ ලඟම නෑයගේ දුවත් එක්ක ඒ කොල්ලා අපේ ගෙදරත් ඇවිත් ගිහින් තියෙනවලු.ඔය විදිහට අපේ ඔක්කොම නෑයොයි කොල්ලගෙ නෑයොයි මේ සම්බන්ධය ගැන දන්නවලු.මේ කපල් එක ලබන අවුරුද්දේ බඳින්නත් හිටියලු.        ඔන්න ඔය අතරේ මේ ලඟම නෑයගෙ දුව මුහුණු පොතෙත් ඉන්නවලු.ඉතින් ඔහොම ඉන්න අතරේ මුහුණු පොතේ කොල්ලෙක් ලයින් පාරකුත් දැම්මලු.ඕක ටික ටික වර්ධනය වෙලා ඒ ලව් එකත් පටන් ගත්තලු.ඉතින් ලව් 2ක් එක පාරක යන්න බෑනේ.ඉතින් ඕක අර බඳින්න හිටිය කොල්ලගෙ අතටම අහු උනාලු.දැන් එක කෙලියයිලු.බඳින්න හිටිය කොල්ලගේ ගෙදරින් ඕක අතාරින්න කියනවලු.අනිත් කොල්ලා කෙල්ල නැතුව ජීවත් වෙන්නේ නෑ කියනවලු.ඒ අතරේ ඒ කොල්ලා වහත් බිව්වලු.හැබැයි මැරුනේ නෑලු.        කොහොමින් කොහොම හරි ඔය ප්‍රශ්න නිසා කෙල්ලව ගෙදරින් පිට කලාලු.අපේ ගෙදර ඇවිත් නැවැත්තුවලු.හැබැයි අපේ ගෙදරට කොලේ වැහුවලු.වෙන ප්‍රශ්නයක් නිසා කිව්වලු.ඉතින් අපේ ගෙදර ලඟම නෑයගෙ දුව මාස 3ක් 4ක් හිටියලු.ඔය ඉන්න අතරේ කෙල්ලගෙ වැඩේම එක්කෝ ෆෝන් එකෙන් මැසේජ් කරන එකලු.නැත්නම් මුහුණු පොතර ලොග් වෙන එකලු.දැන් කොහොම හරි අපේ ලඟම නෑයා වැරැද්ද තමන්ගේ දුවහේ කියලා පිලිගන්නෙම නැහලු.ඔය අතේ අපේ ගෙදර තිබ්බ බඩු වගයක් එහෙමත් නැති උනාලු.කොහොම හරි බඳින්න හිටිය කොල්ලගෙ සම්බන්දෙ නැවතුනාලු.කොල්ලට ගෙදරින් වෙන කෙල්ලෙක් හොයලා දුන්නලු.ගත්තු කාර් එකත් කොල්ල ආපහු ගත්තලු.අනිත් ලව් එක නැගලා යනවලු.          කොහොම හරි මේ කෙල්ලගෙ එක හොඳක් තිබ්බලු.ඒ උන දේවල් හැම දෙයක්ම ඩයරියක ලියලා තිබ්බ එකලු.අපේ ගෙදර අයට මේ ඩයරිය මාට්ටු උනාලු.අපේ ගෙදරින් ලඟම නායටයි කෙල්ලගෙ තාත්තටයි එන්න කියලා ඒ දෙන්නට මේ ඩයරිය දුන්නලු.දැන් වැඩේ පත්තු උනාලු.අපේ ලඟම නෑයට හෙන අවුල්ලු.ඒ ඔක්කොම විස්තර එලි උන නිසාලු.කොහොම හරි කෙල්ල අපේ ගෙදරි ගියාලු.කෙල්ල ගියට පස්සේ අපේ ගෙදර තිබ්බ බෙට් ශීට් වගේකුයි හැඳි වගේකුයි නා කියලා දැන ගත්තලු.කොහොම හරි අර පලවෙනි කොල්ලගෙ වෙඩිම ලඟදිම ගන්නවලු.කෙල්ල තවත් කොල්ලෙක් එක්ක පටලුනා කියලා අරංචිලු.අන්තිමට කෙල උනේ අපේ ගෙදර තිබ්බ බෙට් ශීට් වලටයි හැඳි වලටයිලු .....මේ ලඟම නෑයගෙ දුව ම්ගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙත් ඉන්නවලු.හැබැයි මම නම ගම කියන්නේ නෑලු ...... grin emoticon
x

4 comments:

  1. බෙඩ්ශීට් නම් කමක් නෑ කිව්වෑකි ඒත් හැඳි..?
    පහල එකම කොටස දෙපාර ලියවිලා වගේ...

    ReplyDelete
  2. තීම් එක නිසා කියවන්න පොඩ්ඩක් අමාරුයි.

    ReplyDelete
  3. පෝස්ට් එක ටිකක් අවුල් නේද?වෙන කොහේ හරි ලියල ගෙනත් මෙතන අලවනවද.කියවන්න අමාරුයි අනික එකම දේ දෙසැරයක් ලියවිලා.මේ ටික හදාගන්න බලන්න.

    ReplyDelete
  4. අවුලක් නැ බං

    ReplyDelete