Tuesday, October 4, 2011

මීයා මැරුණ හැටි.........

නිදිමත වෙලාවක පොඩි හිනා කතාවක් ඇහුවාම නිදිමත කොහෙන් යනවද කියල හොයාගන්න  බැ.. ඒ වගේ නිදිමත හැදුන වෙලාවක (දන්න සිංහලෙන් කියනව නම් හාල් වෙලා හිටපු වෙලාවක) අපේ ක්ලාස් එකක උගන්නපු මැඩම් කෙනෙක් කියපු කතාවක් තමයි මේක... 
          ලවු කේස් එකකින් එහෙම නැත්නම් බූට් එකකින් හිතේ අමාරුවට පත්වෙච්ච කොළු ගැටයෙක් සිය දිවි නසාගන්න කල්පනා කලා. මී පාසානං කෑම තමයි ලාබදායකම සහ ලේසිම ක්‍රෙමේ විදියට මේ කොළුවා දැක්කේ... මොකද ඉතින් ගෙවල් වල ඉන්න මීයන්ව  එහා ලෝකෙට යවන්න පාසානං කොහොමත් ගෙනත් තියෙනවා...  අපේ මිනිස්සු මොන තරම් කරුණාවද කියනව නම් මීයන්ට පැනඩෝල් දෙනව කියලත් කලින් කතාවක තිබුනනෙ.. පාසානං තියල වතුර එකකුත් පැත්තකින් තියල තියන්න තරං ගෙවල් වල අය කරුණාවයි..

               නින්දෙන්ම මැරෙන එක සැපදායකයි කියල හිතපු මේ හාදයා නිදාගන්න කලින් මී පාසානං කාල වැඩි හොදට කියල වතුර ටිකකුත් බිව්වලු....පැයකින් විතර ඇහැරිලා බැලුව මැරිලද කියල... ම්හු... මැරිල නෑ......ආයිත් වතුර ටිකක් බීල නිදාගත්ත...

               ටිකකින් ආයිත් ඇහැරිලා බැලුව මැරිලද කියල... ම්හු... මැරිල නෑ......ආයිත් වතුර ටිකක් බීල නිදාගත්ත...

               ඔය විදියට කීප සැරයක්ම ඇහැරිලා බලනවා..  මැරිල නෑ...... වතුර ටිකක් බීල ආයිමත් නිදාගන්නවා.....

උදේ පාන්දර ඇහැරිලා බලනවා ඒත් මැරිල නෑ... හැබැයි වතුර බීල බීලම හරිම අපහසුයි.. මිනිහ ඉතින් ඒ ටික පිට කරන්න කියල යනවා... වැඩේ කියන්නෙ එතකොට මැරිලනෙ.

ප.ලි.
මේ කතාව අහල කට පියාගෙන ඉන්න බැරි කොල්ලෙක් මැඩම්ගෙන් ඇහුවා මැඩම් ගෑල්ලමයෙක් මී පාසානං කෑවට කමක් නැද්ද කියල. මැඩම් දීපු උත්තරේ මොකක් වෙන්න ඇතිද ?     

ප.ලි 2

Monday, October 3, 2011

ලියමු රස කතාවක්

මේක පුංචිම පුංචි සිද්ධියක්. මගෙ හිතවතෙකුට වෙච්ච. හිනා යන්නෙ නැත්තං ඉතිං ආපහු කතා නොලියා ඉන්නං.

මේ හිතවතාට කවුරුත් ආදරේට කියන්නෙ වොඩ්කා කියලා. දෙමව්පියො දාල තියෙන නම ලස්සන උනාට ඒ නමින් මේ මනුස්සයව කවුරුත් නොදන්න හින්ද තමයි කවුරුත් වොඩ්කා වගේ සුරතල් නමකින් අමතන්නෙ.

වයස ටිකක් විතර මෝරල උනත් අපිටත් වඩා කුරුල්ලෙක් වගේ තමා මේ වොඩ්ක ඉන්නෙ. දවසක් මෙයා යාලුවෙක් හම්බු වෙන්න යාලුවගෙ ගෙදරට ගිහින්. ඒ යාලුව රැකියාව විදිහට කරේ ඔය රක්ෂණ සමාගමක ඉහල තනතුරක් දරපු එක අලෙවිකරණය සම්බන්ධයෙන්. ඒ අයගෙ සාමාන්ය දින චරියාව ගෙවෙන්නෙ වෙලාවක් කලාවක් නැතුව පාරිභෝගිකයො මුන ගැහෙන්න යන එකෙන්නෙ. ඉතිං මෙදා මේ යාලුවටත් වෙලා තිබ්බෙ ඔය වගෙ වැඩක් තමයි.

වාහනේ යන අතරෙ දෙන්න අතරෙ කතාව මෙහෙමයි

වොඩ්කා - මචං මේ අපි කොහෙද යන්නෙ දැං?

යාලුවා - ආ මචං අපි මේ යන්නෙ මහරගම කිට්ටුවටනෙ. මට පොඩි වෙලාවක් දියං ඊට පස්සෙ කොහෙට හරි සෙට් වෙමු

වොඩ්කා - ආ එළ එළ. මම වයිෆ්ට කියන්නම් පොඩ්ඩක් රෑ වෙනවා කියල.

(වයිෆ්ට කෝල එකකුත් දුන්න ලු යන අතරෙම)

වොඩ්කා - මචං ඔය මහරගම හරියෙ තියෙනවලු මරු මසාජ් ක්ලිනික් එකක්.

යාලුවා - උඹ කොහොමද දන්නෙ?

වොඩ්කා - එදා මම දැක්ක බොරැල්ලෙ හන්දියෙ බඩු සෙට් එකක් කාඩ් බෙද බෙදා හිටියා. මටත් උං කාඩ් වගයක් දුන්නා

යාලුවා - කෝ කාඩ් තියේද ලඟ? යන්න තිබ්බා

වොඩ්කා - මම ඔය ****ල් අස්සෙ රිංගන්න යන්නෙ නෑනෙ බං. මම ඒක කාටද දුන්න වගේ මතකයි

ඔහොම ගිහින් දෙන්න පොඩි ඩ්‍රින්ක් එකක් එහෙම දාල ගෙදර එහෙමත් ගිහින් නිදාගත්තලු.

පහුවදා උදේ වොඩ්කගෙ බිරිඳ හොඳ හිනාවක් එහෙම දාල අහනවලු වොඩ්කගෙන්

“ඔයා ඊයෙ මට ගෙදර එන්න රෑ වෙනව කියල කෝල් කරල ඉවර වෙලා කෝල් එක කට් කලාද?”

මිනිහට ඒ වෙලාවෙ උදැල්ලක් හම්බු වෙලා නෑ. හම්බු උනානං තාම හාරනවලු.

Saturday, October 1, 2011

අපේ අම්මගෙ සත්ව කරුණාව

න්න මමත් හා හා පුරා කියල බ්ලොග් පොස්ට් එකක් ලියන්නයි හදන්නෙ. මගෙ මංසලකුණු (බෑනෙ ඉතින් කරන්න ලින්ක් එක දැක්ක හැටියෙ ගිහිල්ල බලනව) බ්ලොග් එකේ  නම් තවම පෝස්ට් එකක් වත් නෑ ඒත් අපේ ලයන් මල්ලිගෙන් ලැබුන අරාධනාවක් හින්ද මුලින්නම් මේ බ්ලොග්  එකට  පුංචිම පුංචි   කතාවක් ලියන්න හිතුන.

මම පාසලේ 4 වසරෙදි විතර තමයි  මුලින්ම මේ සිදුවීම උනේ ඊට පස්සෙ නම් කීප වතාවක්ම උනා කියවල බලන්නකෝ මේදේ ඔයාලගෙ ගෙවල් වලත් වෙලා තියනවද කියල

මාතෘකාවේ දාල තියනව වගේ අපේ අම්ම සත්තුන්ට හරි ආදරෙයි. (ඉදල හිටල වත්තට එන බල්ලෙක්ට පුසෙකුට ඇරුනහම වෙන කිසිම සතෙකුට ගහනව මම දැකල තිබුනෙ නෑ ) ඒ දවස් වල අපේ ගෙදර මිදුලෙ තිබුන පලතුරු වර්ග තියන්න පුලුවන් පොඩි මැටියෙන් වගේ හදපු පෝච්චියක් වගේ එකක් ඒකට කෑම දාපුවහම කුරුල්ලෝ ලේන්නු ඇවිල්ල ඒ කෑම කාල යනව. එතකොට කුරුල්ලන්ට නාන්ඩත් වතුර පුරවපු පෝච්චියක් වගේ එකක් තිබුන මතකයි (වෙලාවට ඒ දවස් වල ඔය වතුර පුරවල තියන බාස්කට් වලට දඩ ගැහුවෙ නෑ ඩෙංගු හැදෙනව කියල නැත්නම් තවමත් ගෙවනවා )
ඉතින් ඔය දේවල් කරන හින්ද තමයි මම අර කිවුවෙ අපේ අම්ම සත්තුන්ට හරි ආදරෙයි කියල.

ඔන්න ඔය කාලෙ තමයි අපේ ගෙදරට මියෝ බෝ උනේ.  හරි ලස්සනයි පුංචි පුංචි මී පැටවූ අලි ෂෝක්. ඔතන හිටපු එක මී පැටියෙක් මගෙ හතර වසරේ සතර ශිෂ්‍යත්ව වැඩ පොත මට කලින් ඉවර කරල. මට සන්තෝසේ බෑ.(ඒකෙ තියන අමාරු ගණන් මම කොහොම හදන්නද කියල හිත හිත හිටියෙ)

කොහොමින් කොහොම හරි ඒ මී සෙට් එක සතියක් දෙකක් විතර ඉන්නකොට එතන හිටපු මියෙකුට අසනීප උනා. මියෝ අසනීප උනහම හරි හයියෙන් කෑ ගහනවා. මම දැක දැක හිටපු ලස්සන හීන කියක් කැඩුනද මුන්ගේ මේ කෑ ගැහිල්ල හින්ද.

ඉතින් දැන් අපේ අම්මට හරි දුක හිතිල මේ අසනීප උන මීය ගැන. අම්ම කොහොමත් සත්තුන්ට ආදරෙයිනෙ. ඒ දවස්වල ඉතින් හැම ලෙඩේටම බොන්නෙ පැනඩෝල්. උණ ගැනුනගම උණු වතුරයි පැනඩෝලුයි, බඩේ අමාරුවට පැනඩෝල් දිය කරල. ඉස්සර මගෙ ප්‍රියතම බීම පැනඩෝල්. හැමදාම ඉතින් මම ක්ලාස් කට් කරනවනේ බොරු ලෙඩ අරගෙන.

එදත් අම්ම පැනඩෝල් කුඩු කරනව (මම බඩේ අමාරුව කියල කියන්නෙත් නැතුවම) මම ඇහුව අම්මගෙන් “කාට දෙන්නද අම්මේ ඔය පැනඩෝල් කියල” එතකොට අම්ම කිව්වා අර මියන්ට දෙන්න කියල.
මට එදා අපේ අම්ම ගැන හරිම ආදරයක් ඇතිවුනා. බලන්න අපේ අම්ම කොයිතරම කරුණාවන්තද කියල.
ඉතින් අර කුඩු කරපු පැනඩෝල්  බත් ටිකක හාමු හැරලා තිබ්බ අර ලෙඩ වෙලා ඉන්න මීයට කන්න.

පහුව දා නැගිටල බලනකොට කිසිම සද්දයක් නෑ මී යට පිම්බ  මීයට පිම්බ වගේ. අපේ අම්මත් හරිම සතුටින් එදා. මොකද අර ලෙඩ වෙලා හිටපු මීය සනීප වෙලා නෙ.

එදා මමත් හරි සතුටින් ඉස්කෝලේ ගියා.ඌ මරුනනම් එහෙම අලුතින් ගෙනාපු ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්තර පොත මම තනියම කරන්න එපැයි. හැබැයි ඒ සතුට වැඩි වෙලාවක් තිබුණේ නෑ. මම ගෙදර යනකොට අර අපි පැනඩෝල් දීපු මියා මැරිල. අපේ අම්මගෙ මූනත් හරියට වෙනස් වෙලා තිබුණ.

මම අහල තිබුනට පැනඩෝල් වැඩිපුර බිපුවහම මැරෙනව කියල මුල්ම වතාවට දැක්කෙ එදා තමයි.
අපේ අම්ම දීපු පැනඩෝල් ප්‍රමානෙ වැඩි වෙලා මීය මැරිල (කොහෙද ඉතින් පැනඩෝල් පෙට්ටියේ ගහල තියෙන්නෙ  පොඩි ළමයින්ට පැනඩෝල් දෙන්න ඕන විදිය විතරයිනෙ මියන්ට දෙන්ඩ ඕන විදිය ඒකෙ ගහල නෑ නෙ)
අම්ම එදා හරි දුක් උනා ඒ වෙලා තිබුණ දේ  දැකල. එදයි පස්සෙත් අම්ම කීප වතාවක් ම ලෙඩ හැදුන මියන්නට පැනඩෝල් දුන්නත් උන් ඔක්කොම මැරුණ.

අපේ අම්මට තවම හොයාගන්න බැරුව ගිහිල්ල කොච්චර පැනඩෝල් ප්‍රමාණයක් දෙන්න ඕනදේ කියල මියන්ව හොද වෙන්න. අනේ දන්න කෙනෙක් ඉන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාල යන්න. එතකොට මට පුලුවන් අම්මට කියන්න.