Saturday, October 1, 2011

අපේ අම්මගෙ සත්ව කරුණාව

න්න මමත් හා හා පුරා කියල බ්ලොග් පොස්ට් එකක් ලියන්නයි හදන්නෙ. මගෙ මංසලකුණු (බෑනෙ ඉතින් කරන්න ලින්ක් එක දැක්ක හැටියෙ ගිහිල්ල බලනව) බ්ලොග් එකේ  නම් තවම පෝස්ට් එකක් වත් නෑ ඒත් අපේ ලයන් මල්ලිගෙන් ලැබුන අරාධනාවක් හින්ද මුලින්නම් මේ බ්ලොග්  එකට  පුංචිම පුංචි   කතාවක් ලියන්න හිතුන.

මම පාසලේ 4 වසරෙදි විතර තමයි  මුලින්ම මේ සිදුවීම උනේ ඊට පස්සෙ නම් කීප වතාවක්ම උනා කියවල බලන්නකෝ මේදේ ඔයාලගෙ ගෙවල් වලත් වෙලා තියනවද කියල

මාතෘකාවේ දාල තියනව වගේ අපේ අම්ම සත්තුන්ට හරි ආදරෙයි. (ඉදල හිටල වත්තට එන බල්ලෙක්ට පුසෙකුට ඇරුනහම වෙන කිසිම සතෙකුට ගහනව මම දැකල තිබුනෙ නෑ ) ඒ දවස් වල අපේ ගෙදර මිදුලෙ තිබුන පලතුරු වර්ග තියන්න පුලුවන් පොඩි මැටියෙන් වගේ හදපු පෝච්චියක් වගේ එකක් ඒකට කෑම දාපුවහම කුරුල්ලෝ ලේන්නු ඇවිල්ල ඒ කෑම කාල යනව. එතකොට කුරුල්ලන්ට නාන්ඩත් වතුර පුරවපු පෝච්චියක් වගේ එකක් තිබුන මතකයි (වෙලාවට ඒ දවස් වල ඔය වතුර පුරවල තියන බාස්කට් වලට දඩ ගැහුවෙ නෑ ඩෙංගු හැදෙනව කියල නැත්නම් තවමත් ගෙවනවා )
ඉතින් ඔය දේවල් කරන හින්ද තමයි මම අර කිවුවෙ අපේ අම්ම සත්තුන්ට හරි ආදරෙයි කියල.

ඔන්න ඔය කාලෙ තමයි අපේ ගෙදරට මියෝ බෝ උනේ.  හරි ලස්සනයි පුංචි පුංචි මී පැටවූ අලි ෂෝක්. ඔතන හිටපු එක මී පැටියෙක් මගෙ හතර වසරේ සතර ශිෂ්‍යත්ව වැඩ පොත මට කලින් ඉවර කරල. මට සන්තෝසේ බෑ.(ඒකෙ තියන අමාරු ගණන් මම කොහොම හදන්නද කියල හිත හිත හිටියෙ)

කොහොමින් කොහොම හරි ඒ මී සෙට් එක සතියක් දෙකක් විතර ඉන්නකොට එතන හිටපු මියෙකුට අසනීප උනා. මියෝ අසනීප උනහම හරි හයියෙන් කෑ ගහනවා. මම දැක දැක හිටපු ලස්සන හීන කියක් කැඩුනද මුන්ගේ මේ කෑ ගැහිල්ල හින්ද.

ඉතින් දැන් අපේ අම්මට හරි දුක හිතිල මේ අසනීප උන මීය ගැන. අම්ම කොහොමත් සත්තුන්ට ආදරෙයිනෙ. ඒ දවස්වල ඉතින් හැම ලෙඩේටම බොන්නෙ පැනඩෝල්. උණ ගැනුනගම උණු වතුරයි පැනඩෝලුයි, බඩේ අමාරුවට පැනඩෝල් දිය කරල. ඉස්සර මගෙ ප්‍රියතම බීම පැනඩෝල්. හැමදාම ඉතින් මම ක්ලාස් කට් කරනවනේ බොරු ලෙඩ අරගෙන.

එදත් අම්ම පැනඩෝල් කුඩු කරනව (මම බඩේ අමාරුව කියල කියන්නෙත් නැතුවම) මම ඇහුව අම්මගෙන් “කාට දෙන්නද අම්මේ ඔය පැනඩෝල් කියල” එතකොට අම්ම කිව්වා අර මියන්ට දෙන්න කියල.
මට එදා අපේ අම්ම ගැන හරිම ආදරයක් ඇතිවුනා. බලන්න අපේ අම්ම කොයිතරම කරුණාවන්තද කියල.
ඉතින් අර කුඩු කරපු පැනඩෝල්  බත් ටිකක හාමු හැරලා තිබ්බ අර ලෙඩ වෙලා ඉන්න මීයට කන්න.

පහුව දා නැගිටල බලනකොට කිසිම සද්දයක් නෑ මී යට පිම්බ  මීයට පිම්බ වගේ. අපේ අම්මත් හරිම සතුටින් එදා. මොකද අර ලෙඩ වෙලා හිටපු මීය සනීප වෙලා නෙ.

එදා මමත් හරි සතුටින් ඉස්කෝලේ ගියා.ඌ මරුනනම් එහෙම අලුතින් ගෙනාපු ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්තර පොත මම තනියම කරන්න එපැයි. හැබැයි ඒ සතුට වැඩි වෙලාවක් තිබුණේ නෑ. මම ගෙදර යනකොට අර අපි පැනඩෝල් දීපු මියා මැරිල. අපේ අම්මගෙ මූනත් හරියට වෙනස් වෙලා තිබුණ.

මම අහල තිබුනට පැනඩෝල් වැඩිපුර බිපුවහම මැරෙනව කියල මුල්ම වතාවට දැක්කෙ එදා තමයි.
අපේ අම්ම දීපු පැනඩෝල් ප්‍රමානෙ වැඩි වෙලා මීය මැරිල (කොහෙද ඉතින් පැනඩෝල් පෙට්ටියේ ගහල තියෙන්නෙ  පොඩි ළමයින්ට පැනඩෝල් දෙන්න ඕන විදිය විතරයිනෙ මියන්ට දෙන්ඩ ඕන විදිය ඒකෙ ගහල නෑ නෙ)
අම්ම එදා හරි දුක් උනා ඒ වෙලා තිබුණ දේ  දැකල. එදයි පස්සෙත් අම්ම කීප වතාවක් ම ලෙඩ හැදුන මියන්නට පැනඩෝල් දුන්නත් උන් ඔක්කොම මැරුණ.

අපේ අම්මට තවම හොයාගන්න බැරුව ගිහිල්ල කොච්චර පැනඩෝල් ප්‍රමාණයක් දෙන්න ඕනදේ කියල මියන්ව හොද වෙන්න. අනේ දන්න කෙනෙක් ඉන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාල යන්න. එතකොට මට පුලුවන් අම්මට කියන්න.

19 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. අඩේ උඹලගේ අම්මටත් මාර සත්ව කරුණාවක්නේ තියෙන්නේ.......:D :D :D
    එළ එළ අයියේ දිගටම ලියමු නියමයි ........:D

    ReplyDelete
  3. :D හික්ස්! කැත සීන් එක! :D
    එල එල!තව ලියන්න!

    ReplyDelete
  4. මීයන්ට විතරක් නෙවෙයි පූසන්ට, සිංහයන්ට එහෙමත් පැනඩෝල් සයනයිඩ් වගේ

    ReplyDelete
  5. පැනඩෝල් ද? පොලිඩෝල් ද?

    ReplyDelete
  6. පව් හලේ මීයා.... ඉතිං ඔයා අවසන් කටයුතු ටිකවත් හොදට කලාද... ;) [ජස්ට් අ ජෝක්]
    දිගටම ලියමු.. ජය!!
    මේ මංවගේ නැතුව [:P]

    ReplyDelete
  7. හොහ් හොහ් බී.පේ.සී ;)

    ReplyDelete
  8. අම්මා හරිම කරුනාවන්ත කෙනෙක් නේද . . හික්ස්

    ReplyDelete
  9. මරු කතාව තව ලියන්න.. සුබපැතුම්

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. @ The Lion
    මුලින්ම ස්තුතියි කරන්න ඕනෙ සිංහ මල්ලිට මාව මේ බ්ලොග් එකට සම්බන්ද කරගැනීම පිලිබදව,
    එහෙනම් ඉතින් දිගටම ලියමු නේද
    -----------------------------------------------

    @ මලියා
    :D තෑන්ක්ස් මචන් කමෙන්ට් එකට. දිගටම එන්න
    ------------------------------------------------
    @ Chanaka Aruna Munasinghe
    ඒකනේ අපේ අම්ම හිතල තියෙන්නේ මියෝ හොද වෙනව කියලනේ
    :D
    ------------------------------------------------
    @ කතන්දර Kathandara
    අම්මෝ පොලිඩොල් දුන්නොත් මියෝ මරෙනවනේ. අම්ම උන්ට හොද වෙන්න පැනඩෝල් දුන්නෙ :D
    ------------------------------------------------
    @ හිම කුමාරි
    අවසන් කටයුතුත් අම්ම කළා. පස්සෙ තව කවුරු හරි ගොඩාරන් තිබන හදිසි මරණ පරීක්ෂණය කරන්න :D
    බලමු උත්සහයක් දාල දිගටම ලියන්න.
    ------------------------------------------------@ ජේ.ඩී
    මොකක්ද බන් බී.පේ.සී කියන්නෙ
    ------------------------------------------------
    @ දුකා
    ඔවු අයියෙ හරිම කරුණාවන්තයි.කොස්සෙන් ඇරෙන්න වෙන කිසිම එකකින් මට ගහල නෑ.
    ------------------------------------------------@ නෙරංජි
    ස්තුතියි

    ReplyDelete
  12. මලා.... මීයෝ මරන්න තමා පැනඩෝල් දෙන්නේ. වැඩි හොඳට මාරි බිස්කට් වලට කලවම් කරනවා...

    පස්සෙන්දා උදේට මීයා සෙත්ත පෝච්චි...

    ReplyDelete
  13. මීයන්ට පැනඩෝල් දුන්නාම සරිර උස්නත්තෙ පහල බැහැල මැරෙනවා...

    ReplyDelete
  14. මීයට දෙන්න ඕනෙ පැනඩෝල් ප්‍රමාණේ හරියටම සමානයි රුචෝ උඹේ පිස්සුව හොඳ වෙන්න දෙන්න ඕනෙ පිස්සු බෙහෙත් මාත්‍රාවට..

    හික් හික් හික්

    ReplyDelete
  15. මචන් අම්මට කියන්න ළමා පැනඩෝල් නියමිත මාත්‍රාව පිළිපදින්න කියල රෝසපාට පෙත්ත.

    ReplyDelete
  16. හුටා මන් මෙච්චරකල් හිතාගෙන හිටියේ අපේ අම්මට විතරයි පිස්සු කියල ................මීයන්ට පැනඩෝල් දුන්නම මැරෙනවා කියල ඇහුවෙත් අදයි ............එළකිරි පොස්ට් එක .............ගුඩ් ලක් ............:ඩී

    ReplyDelete
  17. මෙහෙම සත්තුන්ට ආදරය කරන අයත් ඉන්නවා. පව් කරන්න බය අය තාම ලංකාවේ ඉන්නවා

    ReplyDelete
  18. Borgata Hotel Casino & Spa Announces $14 Million - JTG Hub
    Borgata Hotel Casino 대전광역 출장안마 & Spa 통영 출장안마 Announces $14 Million 여수 출장안마 Investment 광주 출장샵 Borgata Hotel Casino 서울특별 출장샵 & Spa Announces $14 Million Investment, With Expansion

    ReplyDelete