Wednesday, November 2, 2011
මරණ දැන්වීම
දවසක මිනිහෙක් පත්තර කතෝරුවක දැන්වීමක් බාර දෙන්න ආවලු...
දැන්විම් බාරගන්න ඉදියෙ ලස්ස්න කාන්තාවක්..
කාන්තාව :- ඔවු... මහත්මයට මොනවද කෙරෙන්න ඕනේ...
මිනිසා :- මට මරන දැන්වීමක් දාන්න ඕනෙ... අපෙ තාත්තගෙ...
කාන්තාව :- ඔවු පුලුවන් අපි සෙන්ටිමීටරයකට රු 50 අය කරනවා...
ටිකවෙලාවක් හෙලවෙන්නවත් නැතුව බලාගෙන ඉදපු මිනිහා යන්න ගියාලු..
අර කාන්තාම මිනිහට කතා කරා
කාන්තාව :- මහත්තය කොහෙද යන්නෙ.. ඇයි ගානා වැඩිද... ඒත් අපි තමයි දැන්වීම් වලට අඩුම ගාස්තු අය කරන්නෙ
මිනිහා :- වෙන්න ඇති ඒත් ඔය මල ඉලවු දැන්වීම දැමම තාත්තගෙ පෙට්ටිය අරන් දෙන්නෙ තමුසෙද... ?
අපේ තාත්ත අඩි හයයි අගල් දෙකක් උසයි...
Tuesday, October 4, 2011
මීයා මැරුණ හැටි.........
නිදිමත වෙලාවක පොඩි හිනා කතාවක් ඇහුවාම නිදිමත කොහෙන් යනවද කියල හොයාගන්න බැ.. ඒ වගේ නිදිමත හැදුන වෙලාවක (දන්න සිංහලෙන් කියනව නම් හාල් වෙලා හිටපු වෙලාවක) අපේ ක්ලාස් එකක උගන්නපු මැඩම් කෙනෙක් කියපු කතාවක් තමයි මේක...

නින්දෙන්ම මැරෙන එක සැපදායකයි කියල හිතපු මේ හාදයා නිදාගන්න කලින් මී පාසානං කාල වැඩි හොදට කියල වතුර ටිකකුත් බිව්වලු....පැයකින් විතර ඇහැරිලා බැලුව මැරිලද කියල... ම්හු... මැරිල නෑ......ආයිත් වතුර ටිකක් බීල නිදාගත්ත...
ඔය විදියට කීප සැරයක්ම ඇහැරිලා බලනවා.. මැරිල නෑ...... වතුර ටිකක් බීල ආයිමත් නිදාගන්නවා.....
උදේ පාන්දර ඇහැරිලා බලනවා ඒත් මැරිල නෑ... හැබැයි වතුර බීල බීලම හරිම අපහසුයි.. මිනිහ ඉතින් ඒ ටික පිට කරන්න කියල යනවා... වැඩේ කියන්නෙ එතකොට මැරිලනෙ.
ප.ලි.
මේ කතාව අහල කට පියාගෙන ඉන්න බැරි කොල්ලෙක් මැඩම්ගෙන් ඇහුවා මැඩම් ගෑල්ලමයෙක් මී පාසානං කෑවට කමක් නැද්ද කියල. මැඩම් දීපු උත්තරේ මොකක් වෙන්න ඇතිද ?
ප.ලි 2
Monday, October 3, 2011
ලියමු රස කතාවක්
මේක පුංචිම පුංචි සිද්ධියක්. මගෙ හිතවතෙකුට වෙච්ච. හිනා යන්නෙ නැත්තං ඉතිං ආපහු කතා නොලියා ඉන්නං.
මේ හිතවතාට කවුරුත් ආදරේට කියන්නෙ වොඩ්කා කියලා. දෙමව්පියො දාල තියෙන නම ලස්සන උනාට ඒ නමින් මේ මනුස්සයව කවුරුත් නොදන්න හින්ද තමයි කවුරුත් වොඩ්කා වගේ සුරතල් නමකින් අමතන්නෙ.
වයස ටිකක් විතර මෝරල උනත් අපිටත් වඩා කුරුල්ලෙක් වගේ තමා මේ වොඩ්ක ඉන්නෙ. දවසක් මෙයා යාලුවෙක් හම්බු වෙන්න යාලුවගෙ ගෙදරට ගිහින්. ඒ යාලුව රැකියාව විදිහට කරේ ඔය රක්ෂණ සමාගමක ඉහල තනතුරක් දරපු එක අලෙවිකරණය සම්බන්ධයෙන්. ඒ අයගෙ සාමාන්‍ය දින චරියාව ගෙවෙන්නෙ වෙලාවක් කලාවක් නැතුව පාරිභෝගිකයො මුන ගැහෙන්න යන එකෙන්නෙ. ඉතිං මෙදා මේ යාලුවටත් වෙලා තිබ්බෙ ඔය වගෙ වැඩක් තමයි.
වාහනේ යන අතරෙ දෙන්න අතරෙ කතාව මෙහෙමයි
වොඩ්කා - මචං මේ අපි කොහෙද යන්නෙ දැං?
යාලුවා - ආ මචං අපි මේ යන්නෙ මහරගම කිට්ටුවටනෙ. මට පොඩි වෙලාවක් දියං ඊට පස්සෙ කොහෙට හරි සෙට් වෙමු
වොඩ්කා - ආ එළ එළ. මම වයිෆ්ට කියන්නම් පොඩ්ඩක් රෑ වෙනවා කියල.
(වයිෆ්ට කෝල එකකුත් දුන්න ලු යන අතරෙම)
වොඩ්කා - මචං ඔය මහරගම හරියෙ තියෙනවලු මරු මසාජ් ක්ලිනික් එකක්.
යාලුවා - උඹ කොහොමද දන්නෙ?
වොඩ්කා - එදා මම දැක්ක බොරැල්ලෙ හන්දියෙ බඩු සෙට් එකක් කාඩ් බෙද බෙදා හිටියා. මටත් උං කාඩ් වගයක් දුන්නා
යාලුවා - කෝ කාඩ් තියේද ලඟ? යන්න තිබ්බා
වොඩ්කා - මම ඔය ****ල් අස්සෙ රිංගන්න යන්නෙ නෑනෙ බං. මම ඒක කාටද දුන්න වගේ මතකයි
ඔහොම ගිහින් දෙන්න පොඩි ඩ්‍රින්ක් එකක් එහෙම දාල ගෙදර එහෙමත් ගිහින් නිදාගත්තලු.
පහුවදා උදේ වොඩ්කගෙ බිරිඳ හොඳ හිනාවක් එහෙම දාල අහනවලු වොඩ්කගෙන්
“ඔයා ඊයෙ මට ගෙදර එන්න රෑ වෙනව කියල කෝල් කරල ඉවර වෙලා කෝල් එක කට් කලාද?”
මිනිහට ඒ වෙලාවෙ උදැල්ලක් හම්බු වෙලා නෑ. හම්බු උනානං තාම හාරනවලු.

Saturday, October 1, 2011
අපේ අම්මගෙ සත්ව කරුණාව
ඔන්න මමත් හා හා පුරා කියල බ්ලොග් පොස්ට් එකක් ලියන්නයි හදන්නෙ. මගෙ මංසලකුණු (බෑනෙ ඉතින් කරන්න ලින්ක් එක දැක්ක හැටියෙ ගිහිල්ල බලනව) බ්ලොග්
එකේ නම් තවම පෝස්ට් එකක් වත් නෑ ඒත් අපේ ලයන් මල්ලිගෙන් ලැබුන අරාධනාවක්
හින්ද මුලින්නම් මේ බ්ලොග් එකට පුංචිම පුංචි කතාවක් ලියන්න හිතුන.
මම පාසලේ 4 වසරෙදි විතර තමයි මුලින්ම මේ සිදුවීම උනේ ඊට පස්සෙ නම් කීප වතාවක්ම උනා කියවල බලන්නකෝ මේදේ ඔයාලගෙ ගෙවල් වලත් වෙලා තියනවද කියල
මාතෘකාවේ දාල තියනව වගේ අපේ අම්ම සත්තුන්ට හරි ආදරෙයි. (ඉදල හිටල වත්තට එන බල්ලෙක්ට පුසෙකුට ඇරුනහම වෙන කිසිම සතෙකුට ගහනව මම දැකල තිබුනෙ නෑ ) ඒ දවස් වල අපේ ගෙදර මිදුලෙ තිබුන පලතුරු වර්ග තියන්න පුලුවන් පොඩි මැටියෙන් වගේ හදපු පෝච්චියක් වගේ එකක් ඒකට කෑම දාපුවහම කුරුල්ලෝ ලේන්නු ඇවිල්ල ඒ කෑම කාල යනව. එතකොට කුරුල්ලන්ට නාන්ඩත් වතුර පුරවපු පෝච්චියක් වගේ එකක් තිබුන මතකයි (වෙලාවට ඒ දවස් වල ඔය වතුර පුරවල තියන බාස්කට් වලට දඩ ගැහුවෙ නෑ ඩෙංගු හැදෙනව කියල නැත්නම් තවමත් ගෙවනවා )
ඉතින් ඔය දේවල් කරන හින්ද තමයි මම අර කිවුවෙ අපේ අම්ම සත්තුන්ට හරි ආදරෙයි කියල.
ඔන්න ඔය කාලෙ තමයි අපේ ගෙදරට මියෝ බෝ උනේ. හරි ලස්සනයි පුංචි පුංචි මී පැටවූ අලි ෂෝක්. ඔතන හිටපු එක මී පැටියෙක් මගෙ හතර වසරේ සතර ශිෂ්‍යත්ව වැඩ පොත මට කලින් ඉවර කරල. මට සන්තෝසේ බෑ.(ඒකෙ තියන අමාරු ගණන් මම කොහොම හදන්නද කියල හිත හිත හිටියෙ)
කොහොමින් කොහොම හරි ඒ මී සෙට් එක සතියක් දෙකක් විතර ඉන්නකොට එතන හිටපු මියෙකුට අසනීප උනා. මියෝ අසනීප උනහම හරි හයියෙන් කෑ ගහනවා. මම දැක දැක හිටපු ලස්සන හීන කියක් කැඩුනද මුන්ගේ මේ කෑ ගැහිල්ල හින්ද.
ඉතින් දැන් අපේ අම්මට හරි දුක හිතිල මේ අසනීප උන මීය ගැන. අම්ම කොහොමත් සත්තුන්ට ආදරෙයිනෙ. ඒ දවස්වල ඉතින් හැම ලෙඩේටම බොන්නෙ පැනඩෝල්. උණ ගැනුනගම උණු වතුරයි පැනඩෝලුයි, බඩේ අමාරුවට පැනඩෝල් දිය කරල. ඉස්සර මගෙ ප්‍රියතම බීම පැනඩෝල්. හැමදාම ඉතින් මම ක්ලාස් කට් කරනවනේ බොරු ලෙඩ අරගෙන.
එදත් අම්ම පැනඩෝල් කුඩු කරනව (මම බඩේ අමාරුව කියල කියන්නෙත් නැතුවම) මම ඇහුව අම්මගෙන් “කාට දෙන්නද අම්මේ ඔය පැනඩෝල් කියල” එතකොට අම්ම කිව්වා අර මියන්ට දෙන්න කියල.
මට එදා අපේ අම්ම ගැන හරිම ආදරයක් ඇතිවුනා. බලන්න අපේ අම්ම කොයිතරම කරුණාවන්තද කියල.
ඉතින් අර කුඩු කරපු පැනඩෝල් බත් ටිකක හාමු හැරලා තිබ්බ අර ලෙඩ වෙලා ඉන්න මීයට කන්න.
පහුව දා නැගිටල බලනකොට කිසිම සද්දයක් නෑ මී යට පිම්බ මීයට පිම්බ වගේ. අපේ අම්මත් හරිම සතුටින් එදා. මොකද අර ලෙඩ වෙලා හිටපු මීය සනීප වෙලා නෙ.
එදා මමත් හරි සතුටින් ඉස්කෝලේ ගියා.ඌ මරුනනම් එහෙම අලුතින් ගෙනාපු ශිෂ්‍යත්ව ප්රශ්නපත්තර පොත මම තනියම කරන්න එපැයි. හැබැයි ඒ සතුට වැඩි වෙලාවක් තිබුණේ නෑ. මම ගෙදර යනකොට අර අපි පැනඩෝල් දීපු මියා මැරිල. අපේ අම්මගෙ මූනත් හරියට වෙනස් වෙලා තිබුණ.
මම අහල තිබුනට පැනඩෝල් වැඩිපුර බිපුවහම මැරෙනව කියල මුල්ම වතාවට දැක්කෙ එදා තමයි.
අපේ අම්ම දීපු පැනඩෝල් ප්‍රමානෙ වැඩි වෙලා මීය මැරිල (කොහෙද ඉතින් පැනඩෝල් පෙට්ටියේ ගහල තියෙන්නෙ පොඩි ළමයින්ට පැනඩෝල් දෙන්න ඕන විදිය විතරයිනෙ මියන්ට දෙන්ඩ ඕන විදිය ඒකෙ ගහල නෑ නෙ)
අම්ම එදා හරි දුක් උනා ඒ වෙලා තිබුණ දේ දැකල. එදයි පස්සෙත් අම්ම කීප වතාවක් ම ලෙඩ හැදුන මියන්නට පැනඩෝල් දුන්නත් උන් ඔක්කොම මැරුණ.
අපේ අම්මට තවම හොයාගන්න බැරුව ගිහිල්ල කොච්චර පැනඩෝල් ප්‍රමාණයක් දෙන්න ඕනදේ කියල මියන්ව හොද වෙන්න. අනේ දන්න කෙනෙක් ඉන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාල යන්න. එතකොට මට පුලුවන් අම්මට කියන්න.

Friday, September 30, 2011
සිංහයාව ඝාතනය කිරීමේ තැතක්
2011/09/24 දින හිදී පැවති බුක්ෆෙයා නැරඹීම සඳහා ගිය අවස්තාවෙදී කොකාකෝලා වලට තඹ , පිත්තල මිශ්‍ර කාසියක් දමා එහි ඇති විස රසායනික ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරවා මා ඝාතනය කිරීමට කුජීත ලෙස පාජාත ලෙස ඉතා සැලසුම් සහගතව උත්සාහ කර ඇත.
http://aadarayadukak-dush.blogspot.com/2011/09/blog-post_29.html
එහි ප්‍රතිපලයක් ලෙස අද දින සිදුකෙරූ රුධිර පරික්ෂාවෙදී මාගේ රුධිරයට විසබීජයක් ඇතුල්වී රුධිරය විස වී ඇති බව තහවුරු විය.ඒ සම්බන්ධයෙන් අඟර දඟර - පෙම්බර දුශ් , දුශාන්තී උබේසිරි නොහොත් කුජීත දුශ් සහ ඈන්ගල් කානු , චාපා උමයංගනී පෙරේරා නොහොත් පජාත සානිකා යන දෙදෙනා වගකිය යුතු බව මා ඉතා වගකීමෙන් ප්‍රකාශ කරමි.
( මෙම ඡායා රූපයේ සිටින්නේ කුජීත දුශ් )
( මෙම ඡායා රූපයේ සුදු ඇඳුමින් සැරසී සිටින්නේ හිම හංසි බවත් කළු ඇඳුමින් සැරසී සිටින්නේ පජාතා සානිකා බවත් දැනුම් දෙමි )
http://aadarayadukak-dush.blogspot.com/2011/09/blog-post_29.html
( මෙම ඡායා රූපයේ සිටින්නේ කුජීත දුශ් )
හදිස්සියේ හෝ මා ලෙඩෙක් , සදාකල් අබ්බගාත්යෙක් හෝ මා මියගිය හොත් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් වගකිව යුත්තේ මේ මාර දූතිකාවන් දෙදෙනයි.ඒ සඳහා බ්ලොග් අවකාශයේ , බස් අවකාශයේ හා බුකියේ සියලුම දෙනා සාක්ෂි දරත්වා ...............
ප.ලි - මේ මාර දූතිකාවෝ දෙන්නාගෙන් ප්‍රවේශම් වෙයන්ලා.සමහර විට මේ මාගේ අවසන් පෝස්ටුව වීමටත් ඉඩ ඇත .
බුක් ෆෙයා එකේ රසකතා සහ ජොලි වැඩ
ඔන්න ඉතින් අපිත් ගියානේ බුක්ෆෙයා පැත්තේ රස්තියාදුවක් එහෙම ගහලා එන්න. ඉතින් 18 ඉරිදා යන්න උනේ නෑ වැඩ නිසා.ඒක නිසා 24 සෙනසුරාදා තමයි ගියේ.ඉතින් ඒ ආපු කස්ටිය තමා හසී , බනී , සානිකා , ශිරොෂි , ගීතික , හිම හංසි , දුශ් , නෙරංජි , තාරක , කල්හාර කියන සෙට් එක.ඉතින් මේ වගේ කස්ටියක් සෙට් උනා කියන්නේ රසකතා ජොලි වැඩ නැති වෙන්න බෑනේ.එහෙම වෙච්ච සිද්ධි කිහිපයක් තමා මේ ලියන්න යන්නේ.
සෙනසුරාදා උදේ තවත් වැඩක් සෙට් උන නිසා මම බුක්ෆෙයා යද්දී උදේ 10.30 විත උනා.ඒ වෙද්දී අනෙක් ඔක්කොම අය වගේ ඇවිල්ලා.මමත් අඳුරන අය ඉන්නවද බල හිමින් සැරේ ඇතුලට ගියා.අනේ ඉතින් මා ගාව තිබ්බේ හසී අක්කගේ ටෙලිපෝන් නොම්බරේ විතරයි.ගත්තා ඒකට කෝල් එකක්.අනේ භාවිතයේ නොමැතලු.ඒ පාර දැම්ම මැසේජ් එකක්.ඔන්න ටික වෙලාවකින් එනවා තාම මග තව ටිකකින් එනවා කියලා. මමත් ඉතින් එයා එනකන් පොඩි රස්තියාදු පාරක් දැම්මා පොත් බලබල.ටික වෙලාවකින් එලියට එන්න කියලා හදන කොට මෙන්න සිරිමාවෝ එකේ දොර ගාවෙදී එකපාරටම දෙන්නෙක් කඩන්පාත් උනා.බලන කොට අපේ සානිකා අක්කයි , ශිරොෂි නගායි.
බනියාගේ මනුස්සකම .........
ශිරොෂි - අයියා ඔයා කොහෙද ඉන්නේ
බනී - ආ නංගි මම මේ සිරිමාවෝ එක ඇතුලේ ඉන්නේ.ඔයා කොහෙද ඉන්නේ.
ශිරොෂි - අපි මේ එළියට ආවා.දැන් යන්න හදන්නේ.අපි දොර ගාව ඉන්නවා පොඩ්ඩක් එන්නකෝ හම්බවෙන්න.
බනී - ආ හරි නංගී ඔතනම ඉන්න මම එන්නං .
මෙන්න බොලේ බනියා කඩාගෙන බිඳගෙන එනවා ගීතික අයියයි කල්හාරයි එක්ක. බනියා අපිටත් අත වනලා පොඩ්ඩක් ගිහින් එන්නම් කියලා කාඩගෙන යනවා.මමත් බැලුවා මොකද්ද මේ සීන් එක කියලා.බනියා අපිට මීටර් 10 විතර එහාට ගිහින් ගත්තා කෝල් එකක්.ඔන්න ශිරොෂි කෝල් එකට ආන්සර් කලේ හැංගිලා.
බනී - ආ නංගී ඔයාලා කොහෙද ඉන්නේ.මම මේ එළියට ආවා
ශිරොෂි - ඇයි අයියේ අපි දොර ලඟමනේ ඉන්නේ.ඔයා නේද දැන් කලබලෙන් එළියට ආවේ.
දැන් බනී හතර අතේ වටපිට බලනවා.ඔන්න ඔය වෙලාවේ සානිකා අක්කා මොකක් හරි කියලා හයියෙන් හිනා උනා.ඕක දැකලා බනීට වැඩේ මීටර් උනා.අපි ලඟට ආයෙත් කඩාගෙන ඇවිත් ශිරොශි නගාව මරන්න හදනවා "උඹ නේද මට මෙච්චර වෙලා කෝල් කලේ" කිය කිය. පස්සේ බැලින්නම් වෙලා තියෙන්නේ මේකයි.මුං ටික මීට කලිනුත් සෙට් වෙලානේ.ඉතින් ඒ වෙලාවක බනීගේ පෝන් නොම්බරේ ලීක් වෙලා.ඉතින් ඕකට බයිට් එකක් දෙන්න එදා නොම්බරේ හම්බ වෙච්ච කෙල්ලෙක් වගේ ශිරොෂි නගා කතා කොරලා.බනිත් ඉතින් කෙල්ලෙක් කිව්වොත් පණ ඇරලනේ.ඒකයි කඩාගෙන බිඳගෙන කතා කොරපු ගෑණු ලමයා හොයලා තියෙන්නේ. අනේ ඉතින් ඔක්කෝම බයිට් අවසානයේ තමා බනියා දවසේ කතාව කිව්වේ.
බනී - බලපං බං මම ඉතින් ගෑණු ළමයෙක් කතා කරපු නිසා මනුස්සකමට හොයලා බැලුවා ............:D :D :D
හසීගේ වැඩ .........
ඔන්න ඉතින් කීප දෙනෙක් බුක්ෆෙයා ගියේ නෑ කියපු නිසා සිකුරාදා රෑ බැලුවා කවුද සෙනසුරාදට යන්න ඉන්නේ කියලා.
මම - හසී අක්කා ඔයා බුක්ෆෙයා ගියාද
හසී - නෑ මල්ලී තාම යන්න බැරි උනා හෙට දිහාවට වගේ යන්න හිතන් ඉන්නේ
මම - ආ එහෙමද.මමත් හෙට වගේ යන්න තමා බැලුවේ.එහෙනම් හෙට සෙට් වෙමු
හසී - බලමු බලමු
මම - බලමු නෙමෙයි හලෝ එනවා
හසී - මට එන්න කවුරුත් නෑනේ.තනියම එන්නත් බයයි.
මම - ඈ... මෙන්න මෙහේ එනවා.ඔයාව කවුරුත් උස්සන් යන්නේ නෑ.මම ඇවිල්ලා කෝල් එකක් දෙන්නම්.
හසී - ආ හරි හරි
අනේ ඉතින් ඔහොම කතා වෙලා දැන් කස්ටිය බලාගෙන ඉන්නවා හසී එනකන්.මෙන්න මැසේජ් එකක් එනවා 'මම මේ පොත් වගයක් බලලා එන්නේ ඕගොල්ලෝ යන්න මම එන්නම්' කියලා.අපි කස්ටියත් රස්තියාදුව පටන් ගත්තා.ඔන්න ටික වෙලාවකින් හසී අක්කව හම්බ උනා අම්මත් එක්ක ඇවිල්ලා ඉන්නවා.ඒ ගමන කියපි " අනේ මේ මාව දැන් ගෙදරින් පන්නනවා ආස්සරේ කොරන්නේ බොලා වගේ අයවද කියලා.ඒක නිසා බොලාලා පලයල්ලා මම අම්මත් එක්ක යනවා ".අනේ ඉතින් මට බඩ කපන් මැරෙන්න හිතුනා ඒක ඇහුවහම.ඔන්න ඔහොමයි හසීගේ වැඩ ........:D
හීතල නැති හිම හංසි ...........
ඔන්න ඉතින් කස්ටිය එක්ක දොර ගාව ඉන්න කොට හිම හංසි කඩන් පාත් උනා තාත්තත් එක්ක.ඔන්න ඉතින් හිම හංසිව තනියම එවන්න තියෙන බයට තාත්තත් ඇවිල්ලා.ඒ වෙන මොකටවත් නෙමෙයි.හිම හංසි නිසා අහිංසක කොල්ලොන්ට විය හැකි කරදර , කම්කටොලු , දුක්පීඩා සහ විශේෂයෙන් අතිශය දරුණු දත් ගැලවීම් අවම කර ගැනීමේ පරම පිවිතුරු ඡේතනාවෙන්. අනේ ඉතින් නම හිම හංසි උනාට අයිස්කිරිමක් වත් අරගෙන අවේ නෑ.අපි ඉතින් රස්නේ තැම්බි තැම්බී හිටියා.හැබැයි ඉතින් ආරංචියේ හැටියට තාත්තා විසින් අච්චර ආරක්ෂාවක් දාලා තියෙද්දිත් සියළු ආරක්ෂක උපක්‍රම මග හැර දරුණු ගනයේ දත් ගැලවීම් වලට සම්බන්ධ වූ බවයි. අනේ ඉතින් අපි යන යන තැන අර අන්කලුත් ආවා.එහෙම වෙලාවක තාත්තේ කියලා ගීතක අයියගේ ඇඟේ එල්ලෙන්න හැදුවනේ.කිව්වේ නම් අත්වැරදීමක් කියලා කවුද දන්නේ ..........:D
සානිකා අක්කගේ දොන්ත පදන් දොන් ........
ඔන්න ඉතින් හොඳ රස්තියාදුවකින් පස්සේ කස්ටියට මහන්සියි බඩගිනියි.ඉතින් කස්ටිය කන්න ගියා.වෙන මොනවද ඉතින් සුපුරුදු මැගී නූඩුල්ස්ම තමා.ඊට පස්සේ ඉතින් මුතු අහුරක් පැත්තෙත් ගිහින් පොඩ්ඩක් විවේක ගන්න ගමන් මෙන්න කස්ටිය හෝ ගාලා පොටෝ ගන්නවා.අනේ ඉතින් එහා පැත්තේ ලස්සන කුඹුරක් එහෙම දැකලා කස්ටියම එතනට ගිහින් පොටෝ ගන්න ඕන උනා.එතනට යද්දි අඩි දෙකක විතර සූටි කන්දක් එක්ක බැම්මක් හරහා තමයි ගියේ.ඉතින් කුඹුර ගාව පොටෝ එහෙම අරගෙන කස්ටිය ආපහු ආවා.ඔන්න ඉතින් එකෙක්කෙනා අර අඩි දෙකේ සූටි කන්ද පල්ලම් බහිනවා.ටික වෙලාවකින් සද්දයක් ඇවිල්ලා අපිත් බැලුවා මොකද කියලා.අනේ ඉතින් සද්දන්ත හස්තිරාජයෙක් බිමට බිමට පතබෑවෙනවා වගේ සානිකා අක්කගේ කකුල ලිස්සලා අර සූටි කන්දේ රූටලා දොන්ත පදන් දොන් කියලා බිම.අනේ ඉතින් බොහොම අමාරුවෙන් උස්සලා නැගිට්ටුවා.නැත්තන් තව පොඩ්ඩෙන් දොඹකරේකුත් අරන් එන්න වෙනවා .
මුණගැහුනු අනිත් අය .........
මේ කස්ටියට අමතරව තව කීපදෙනෙක් මුණ්ගැගෙන්න අවස්තාව ලැබුනා.ඒ නෙරංජි සහ තාරක අයියා , පොඩි මෑන් සහ පොඩි මෑන්ගේ පොඩි පියම්භිකාව , හිරු එළිය ඇතුලු තව කීප දෙනෙක්.අනේ තාරක අයියා නම් කතා කලාට නෙරංජි නම් අපිව අඳුනන්නේ නැති ගානට හිටියා.අපේ පොඩි මෑනුයි හිරු එළිය එහෙමත් පොඩි වෙලාවකට මුණගැහුන එක ගැන සතුටුයි .
අඟර දඟර දුශ් ...........
මේ වෙද්දී අපේ කස්ටිය කණ්ඩායම් දෙකකට කැඩිලා තිබුනේ.ඒ මම , ගීතික අයියා , සානිකා අක්කා , ශිරොෂි නගා විවේක ගනිමින් ඉඳිද්දී බනී , හිම හංසි නගා , කල්හාර තවත් පොත් ගන්න ඕනේ කියලා රස්තියාදුවේ ගියා. ඔන්න ටික වෙලාවකින් සානිකා අක්කා කියපි අනේ බං තව නංගියෙක් එනවා කිව්වා ඒකිව ගන්න යමු කියලා.අපිත් ඉතින් බැලුවා කවුද බොලේ මේ අපි නොදන්න නංගි බබා කියලා.ඔන්න ටික වෙලාවකින් නංගි බබා ආවා.බැලින්නම් මේ නංගි බබා වෙන කවුරුත් නෙමෙයි ආදර දුකක් කිය කිය හැම තිස්සෙම කියවන අඟර දඟර දුශ් අක්කා.අනේ ඉතින් අපි හැමෝම නංගි බබෙක් කියලා හිතාගෙන හිටියට පස්සේ බැලින්නම් එයා අක්කා බබෙක්.
අඟර දඟර දුශ් පෙම්බර දුශ් වෙයි ...........
අනේ ඉතින් ඕක අහපු ගමන් ගීතික අයියා ෆුල් මූඩ් ගහලා ඉන්නවා. මෙන්න බොලේ එක පාරටම අඟර දඟර දුශ්ගේ අතින් අල්ලලා කියපි " ඇයි නගා ඔහොම කියන්නේ මම ඔයාට දුකක් නැති ආදරයක් දෙන්නම්කෝ කියලා ".ඔන්න ඔතන ඉඳන් තමයි බල්ටි විසිල් වදින සීන් වෙන්න පටන් ගත්තේ.දැන් ඉතින් එතන එක විකාරයයි.ගීතික අයියා පෙම්බස් දොඩවනවා.පෙම්බර දුශ් අත අතඇර ගන්න දඟලනවා.මෙන්න ටික වෙලාවකින් පෙම්බර දුශ් කියපි
දුශ් - අනේ අයියා අත අතාරින්නකෝ.මේ වටේපිටේ ඉන්න මිනිස්සුත් බලනවා.මට ලැජ්ජයි
ගීතික - බැහැ මට කැමතියි කියනකම් අත අතාරින්නේ නෑ.
දුශ් - හරි ඉතින් ඔය පරණ ලයින් නැතුව අලුත් එකක් කියන්නකෝ එතකොට සලකා බලන්නම් .
ඔන්න ඉතින් ඔය වගේ සතුටු දායක විදිහට වැඩේ ගොඩ ගියා.දැන් ඉතින් වෙලාවකට දෙන්නත් එක්ක පෙම්බස් දොඩනවා.වෙලාවකට ගීතිකයා වෙන කෙල්ලෙක් දිහා බැලුවා කියලා මරාගන්නවා.අනේ ඉතින් දෙන්නගේ පවුලේ ප්‍රශ්නයක් නිසා අපිත් අත දන්නේ නැතුව පැත්තකට වෙලා ආතල් එකේ බලාගෙන හිටියා.
ඔන්න ඉතින් ටික වෙලාවකින් පෙම්බර දුශ්ට බඩගිනී කියපු නිසා සුපුරුදු විදිහට මැගී නූඩ්ල්ස්ම ගෙනාවා.අනේ ඉතින් පලවෙනි ආදරනීය මැගී කට වෙන කාටද ගීතික අයියට මිසක්.ඔන්න ඉතින් ඊට පස්සේ නගාලා හැමෝම ගීතික අයියට මැගී කටවල් කවන්න පටන් ගත්තා.මෙතන හිටපු තව නගා කෙනෙකුත් ගීතික අයියට මැගී කැව්වා.අනේ ඉතින් මෙන්න පස්සේ පොලවේ හැපි හැපි වැලපෙනවා ඒ පොටෝ එක පලකරන්න එපා කියලා.ඒ නගාගේ බලවත් ඉල්ලීම පරිදී ඒ පොටෝ එක පල කලේ නෑ ඔන්න.නැත්තන් ඒකත් මෙතනට අයිතිවෙනවා.
මෙන්න බොලේ ඒ අස්සේ අපේ අනිත් කණඩායම අපිටත් හොරෙන් ගෙදර ගිහින්.ඒක නිසා අපිත් 4.45 විතර එන්න පිටත් උනා.
කැටපත් පවුර .........
සමුගැනීම ................
ඔන්න ඉතින් හමුදාපති අන්කල්ගේ ගේ ඉස්සරහා සොල්දාදු අන්කල්ලා ඉන්නවා දැකලා අපේ පෙම්බර දුශ් එයාගේ එයාගේ පොඩි අඟර දඟර කෑල්ලක් දාලා වතුර ටිකක් ඉල්ලුවා.මෙන්න බොලේ එක සොල්දාදු අන්කල් කෙනෙක් " අනේ නගා ඔහොම ඉල්ලනවා නම් බෝතලේට බවුසරයක් හරි දෙන්නම්කෝ " කියලා දුවලා ගිහින් වතුර බෝතලයක් ගෙනත් දුන්නා. අනේ ඉතින් අපේ ගීතික අයියා ඕක දිහා මූන බෙරි කරගෙන බයේ ගැහි ගැහි බලන් හිටියා.ඇයි මොනවාහරි කිව්වොත් මිනිහට වෙඩි තියයි කියලා.ඒ වතුර බෝතලෙත් බිබී ආයෙත් පයින්ම ආවා.
ඔන්න ඉතින් තුම්මුල්ල හරියේදී අපේ හතර දෙනාගේ කල්ලිය නැවත කොටස් දෙකකට කැඩුනා.ඒ ගීතික සහ සානිකාත් , දුශ් සහ මම විදිහට.ඔන්න ඉතින් පෙම්බර ඩබලගේ සමුගැනීම.මුන් දෙන්නා බාදාගෙන වෙලීගෙන සිප වැලඳගෙන එක විකාරයයි.අනේ මම ෆෝන් එක එලියට ගන්නකොට ගැරඬි දෙන්නෙක් වගේ වෙලිලා හිටපු දෙන්නා නයයි මුගටියයි වගේ දෙපැත්තට වෙලා.අනේ ඉතින් මට දවසේ හොඳම ඡායාරූපය ගන්න තිබ්බ අවස්තාව ඔය විදිහට මග ඇරුනා.
ඔන්න ඔය විදිහට තමා අපේ බුක්ෆෙයා චාරිකාව ඉවර උනේ.ඇත්තටම හරිම සුන්දර ඇත්දැකීමක් .............
අනේ ඉතින් මේ රසකතා ටික ලිව්වේ මට මතක තියෙන විදිහට තමයි.ඒක නිසා මෙතන ලියවිලා නැති රසකතා පුද්ගලයෝ ගැන තව රස කතා තියනවා නම් කමෙන්ට් වල ලියලා යන්නත් අමතක කරන්න එපා.
ප.ලි - මෙම ලිපිය හුදෙක් ආතල් පිණිස ලියූ බවත් මේ මගින් කිසිවෙකුට අපහාසයක් හෝ මඩ , අතින් දමා ලිවීම සිදුනොකල බවත් ඇත්ත ඇති සැටියෙන් ලියා ඇති බවත් කරුණාවෙන් සලකන්න ........
Subscribe to:
Posts (Atom)