Friday, September 30, 2011

සිංහයාව ඝාතනය කිරීමේ තැතක්

       2011/09/24 දින හිදී පැවති බුක්ෆෙයා නැරඹීම සඳහා ගිය අවස්තාවෙදී කොකාකෝලා වලට තඹ , පිත්තල මිශ්‍ර කාසියක් දමා එහි ඇති විස රසායනික ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරවා මා ඝාතනය කිරීමට කුජීත ලෙස පාජාත ලෙස ඉතා සැලසුම් සහගතව උත්සාහ කර ඇත.

http://aadarayadukak-dush.blogspot.com/2011/09/blog-post_29.html 


      එහි ප්‍රතිපලයක් ලෙස අද දින සිදුකෙරූ රුධිර පරික්ෂාවෙදී මාගේ රුධිරයට විසබීජයක් ඇතුල්වී රුධිරය විස වී ඇති බව තහවුරු විය.ඒ සම්බන්ධයෙන් අඟර දඟර - පෙම්බර දුශ් , දුශාන්තී උබේසිරි නොහොත් කුජීත දුශ් සහ ඈන්ගල් කානු , චාපා උමයංගනී පෙරේරා නොහොත් පජාත සානිකා යන දෙදෙනා වගකිය යුතු බව මා ඉතා වගකීමෙන් ප්‍රකාශ කරමි.

                                                       ( මෙම ඡායා රූපයේ සිටින්නේ කුජීත දුශ් )




  ( මෙම ඡායා රූපයේ සුදු ඇඳුමින් සැරසී සිටින්නේ හිම හංසි බවත් කළු ඇඳුමින් සැරසී සිටින්නේ පජාතා සානිකා බවත් දැනුම් දෙමි )     






   හදිස්සියේ හෝ මා ලෙඩෙක් , සදාකල් අබ්බගාත්යෙක් හෝ මා මියගිය හොත් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් වගකිව යුත්තේ මේ මාර දූතිකාවන් දෙදෙනයි.ඒ සඳහා බ්ලොග් අවකාශයේ , බස් අවකාශයේ හා බුකියේ සියලුම දෙනා සාක්ෂි දරත්වා ...............


ප.ලි - මේ මාර දූතිකාවෝ දෙන්නාගෙන් ප්‍රවේශම් වෙයන්ලා.සමහර විට මේ මාගේ අවසන් පෝස්ටුව වීමටත් ඉඩ ඇත .

බුක් ෆෙයා එකේ රසකතා සහ ජොලි වැඩ

        ඔන්න ඉතින් අපිත් ගියානේ බුක්ෆෙයා පැත්තේ රස්තියාදුවක් එහෙම ගහලා එන්න. ඉතින් 18 ඉරිදා යන්න උනේ නෑ වැඩ නිසා.ඒක නිසා 24 සෙනසුරාදා තමයි ගියේ.ඉතින් ඒ ආපු කස්ටිය තමා හසී , බනී , සානිකා , ශිරොෂි , ගීතික , හිම හංසි , දුශ් , නෙරංජි , තාරක , කල්හාර කියන සෙට් එක.ඉතින් මේ වගේ කස්ටියක් සෙට් උනා කියන්නේ රසකතා ජොලි වැඩ නැති වෙන්න බෑනේ.එහෙම වෙච්ච සිද්ධි කිහිපයක් තමා මේ ලියන්න යන්නේ.
    සෙනසුරාදා උදේ තවත් වැඩක් සෙට් උන නිසා මම බුක්ෆෙයා යද්දී උදේ 10.30 විත උනා.ඒ වෙද්දී අනෙක් ඔක්කොම අය වගේ ඇවිල්ලා.මමත් අඳුරන අය ඉන්නවද බල හිමින් සැරේ ඇතුලට ගියා.අනේ ඉතින් මා ගාව තිබ්බේ හසී අක්කගේ ටෙලිපෝන් නොම්බරේ විතරයි.ගත්තා ඒකට කෝල් එකක්.අනේ භාවිතයේ නොමැතලු.ඒ පාර දැම්ම මැසේජ් එකක්.ඔන්න ටික වෙලාවකින් එනවා තාම මග තව ටිකකින් එනවා කියලා. මමත් ඉතින් එයා එනකන් පොඩි රස්තියාදු පාරක් දැම්මා පොත් බලබල.ටික වෙලාවකින් එලියට එන්න කියලා හදන කොට මෙන්න සිරිමාවෝ එකේ දොර ගාවෙදී එකපාරටම දෙන්නෙක් කඩන්පාත් උනා.බලන කොට අපේ සානිකා අක්කයි , ශිරොෂි නගායි.

බනියාගේ මනුස්සකම .........

  ඒ පාර මම ඇහුවා කෝ අනිත් අය කියලා.ශිරොෂි නගා ගත් කටටම කියපි බනී අයියනම් ඇතුලේ හිටියා ඉන්න කෝල් එකක් දීලා බලන්න කියලා.ඔන්න කෝල් එකක් අරන් කියනවා 

ශිරොෂි - අයියා ඔයා කොහෙද ඉන්නේ
බනී - ආ නංගි මම මේ සිරිමාවෝ එක ඇතුලේ ඉන්නේ.ඔයා කොහෙද ඉන්නේ.
ශිරොෂි - අපි මේ එළියට ආවා.දැන් යන්න හදන්නේ.අපි දොර ගාව ඉන්නවා පොඩ්ඩක් එන්නකෝ හම්බවෙන්න.
බනී - ආ හරි නංගී ඔතනම ඉන්න මම එන්නං .

 මෙන්න බොලේ බනියා කඩාගෙන බිඳගෙන එනවා ගීතික අයියයි කල්හාරයි එක්ක. බනියා අපිටත් අත වනලා පොඩ්ඩක් ගිහින් එන්නම් කියලා කාඩගෙන යනවා.මමත් බැලුවා මොකද්ද මේ සීන් එක කියලා.බනියා අපිට මීටර් 10 විතර එහාට ගිහින් ගත්තා කෝල් එකක්.ඔන්න ශිරොෂි කෝල් එකට ආන්සර් කලේ හැංගිලා.

බනී - ආ නංගී ඔයාලා කොහෙද ඉන්නේ.මම මේ එළියට ආවා
ශිරොෂි - ඇයි අයියේ අපි දොර ලඟමනේ ඉන්නේ.ඔයා නේද දැන් කලබලෙන් එළියට ආවේ.

    දැන් බනී හතර අතේ වටපිට බලනවා.ඔන්න ඔය වෙලාවේ සානිකා අක්කා මොකක් හරි කියලා හයියෙන් හිනා උනා.ඕක දැකලා බනීට වැඩේ මීටර් උනා.අපි ලඟට ආයෙත් කඩාගෙන ඇවිත් ශිරොශි නගාව මරන්න හදනවා "උඹ නේද මට මෙච්චර වෙලා කෝල් කලේ" කිය කිය. පස්සේ බැලින්නම් වෙලා තියෙන්නේ මේකයි.මුං ටික මීට කලිනුත් සෙට් වෙලානේ.ඉතින් ඒ වෙලාවක බනීගේ පෝන් නොම්බරේ ලීක් වෙලා.ඉතින් ඕකට බයිට් එකක් දෙන්න එදා නොම්බරේ හම්බ වෙච්ච කෙල්ලෙක් වගේ ශිරොෂි නගා කතා කොරලා.බනිත් ඉතින් කෙල්ලෙක් කිව්වොත් පණ ඇරලනේ.ඒකයි කඩාගෙන බිඳගෙන කතා කොරපු ගෑණු ලමයා හොයලා තියෙන්නේ. අනේ ඉතින් ඔක්කෝම බයිට් අවසානයේ තමා බනියා දවසේ කතාව කිව්වේ.
බනී - බලපං බං මම ඉතින් ගෑණු ළමයෙක් කතා කරපු නිසා මනුස්සකමට හොයලා බැලුවා ............:D :D :D

හසීගේ වැඩ .........

   ඔන්න ඉතින් කීප දෙනෙක් බුක්ෆෙයා ගියේ නෑ කියපු නිසා සිකුරාදා රෑ බැලුවා කවුද සෙනසුරාදට යන්න ඉන්නේ කියලා.

මම - හසී අක්කා ඔයා බුක්ෆෙයා ගියාද
හසී - නෑ මල්ලී තාම යන්න බැරි උනා හෙට දිහාවට වගේ යන්න හිතන් ඉන්නේ
මම - ආ එහෙමද.මමත් හෙට වගේ යන්න තමා බැලුවේ.එහෙනම් හෙට සෙට් වෙමු
හසී - බලමු බලමු
මම - බලමු නෙමෙයි හලෝ එනවා
හසී - මට එන්න කවුරුත් නෑනේ.තනියම එන්නත් බයයි.
මම - ඈ... මෙන්න මෙහේ එනවා.ඔයාව කවුරුත් උස්සන් යන්නේ නෑ.මම ඇවිල්ලා කෝල් එකක් දෙන්නම්.
හසී - ආ හරි හරි

      අනේ ඉතින් ඔහොම කතා වෙලා දැන් කස්ටිය බලාගෙන ඉන්නවා හසී එනකන්.මෙන්න මැසේජ් එකක් එනවා 'මම මේ පොත් වගයක් බලලා එන්නේ ඕගොල්ලෝ යන්න මම එන්නම්' කියලා.අපි කස්ටියත් රස්තියාදුව පටන් ගත්තා.ඔන්න ටික වෙලාවකින් හසී අක්කව හම්බ උනා අම්මත් එක්ක ඇවිල්ලා ඉන්නවා.ඒ ගමන කියපි " අනේ මේ මාව දැන් ගෙදරින් පන්නනවා ආස්සරේ කොරන්නේ බොලා වගේ අයවද කියලා.ඒක නිසා බොලාලා පලයල්ලා මම අම්මත් එක්ක යනවා ".අනේ ඉතින් මට බඩ කපන් මැරෙන්න හිතුනා ඒක ඇහුවහම.ඔන්න ඔහොමයි හසීගේ වැඩ ........:D
හීතල නැති හිම හංසි ...........

  ඔන්න ඉතින් කස්ටිය එක්ක දොර ගාව ඉන්න කොට හිම හංසි කඩන් පාත් උනා තාත්තත් එක්ක.ඔන්න ඉතින් හිම හංසිව තනියම එවන්න තියෙන බයට තාත්තත් ඇවිල්ලා.ඒ වෙන මොකටවත් නෙමෙයි.හිම හංසි නිසා අහිංසක කොල්ලොන්ට විය හැකි කරදර , කම්කටොලු , දුක්පීඩා සහ විශේෂයෙන් අතිශය දරුණු දත් ගැලවීම් අවම කර ගැනීමේ පරම පිවිතුරු ඡේතනාවෙන්.                                           අනේ ඉතින් නම හිම හංසි උනාට  අයිස්කිරිමක් වත් අරගෙන අවේ නෑ.අපි ඉතින් රස්නේ තැම්බි තැම්බී හිටියා.හැබැයි ඉතින් ආරංචියේ හැටියට තාත්තා විසින් අච්චර ආරක්ෂාවක් දාලා තියෙද්දිත් සියළු ආරක්ෂක උපක්‍රම මග හැර දරුණු ගනයේ දත් ගැලවීම් වලට සම්බන්ධ වූ බවයි. අනේ ඉතින් අපි යන යන තැන අර අන්කලුත් ආවා.එහෙම වෙලාවක තාත්තේ කියලා ගීතක අයියගේ ඇඟේ එල්ලෙන්න හැදුවනේ.කිව්වේ නම් අත්වැරදීමක් කියලා කවුද දන්නේ ..........:D

සානිකා අක්කගේ දොන්ත පදන් දොන් ........


     ඔන්න ඉතින් හොඳ රස්තියාදුවකින් පස්සේ කස්ටියට මහන්සියි බඩගිනියි.ඉතින් කස්ටිය කන්න ගියා.වෙන මොනවද ඉතින් සුපුරුදු මැගී නූඩුල්ස්ම තමා.ඊට පස්සේ ඉතින් මුතු අහුරක් පැත්තෙත් ගිහින් පොඩ්ඩක් විවේක ගන්න ගමන් මෙන්න කස්ටිය හෝ ගාලා පොටෝ ගන්නවා.අනේ ඉතින් එහා පැත්තේ ලස්සන කුඹුරක් එහෙම දැකලා කස්ටියම එතනට ගිහින් පොටෝ ගන්න ඕන උනා.එතනට යද්දි අඩි දෙකක විතර සූටි කන්දක් එක්ක බැම්මක් හරහා තමයි ගියේ.ඉතින් කුඹුර ගාව පොටෝ එහෙම අරගෙන කස්ටිය ආපහු ආවා.ඔන්න ඉතින් එකෙක්කෙනා අර අඩි දෙකේ සූටි කන්ද පල්ලම් බහිනවා.ටික වෙලාවකින් සද්දයක් ඇවිල්ලා අපිත් බැලුවා මොකද කියලා.අනේ ඉතින් සද්දන්ත හස්තිරාජයෙක් බිමට බිමට පතබෑවෙනවා වගේ සානිකා අක්කගේ කකුල ලිස්සලා අර සූටි කන්දේ රූටලා දොන්ත පදන් දොන් කියලා බිම.අනේ ඉතින් බොහොම අමාරුවෙන් උස්සලා නැගිට්ටුවා.නැත්තන් තව පොඩ්ඩෙන් දොඹකරේකුත් අරන් එන්න වෙනවා .
මුණගැහුනු අනිත් අය .........


   මේ කස්ටියට අමතරව තව කීපදෙනෙක් මුණ්ගැගෙන්න අවස්තාව ලැබුනා.ඒ නෙරංජි සහ තාරක අයියා , පොඩි මෑන් සහ පොඩි මෑන්ගේ පොඩි පියම්භිකාව , හිරු එළිය ඇතුලු තව කීප දෙනෙක්.අනේ තාරක අයියා නම් කතා කලාට නෙරංජි නම් අපිව අඳුනන්නේ නැති ගානට හිටියා.අපේ පොඩි මෑනුයි  හිරු එළිය එහෙමත් පොඩි වෙලාවකට මුණගැහුන එක ගැන සතුටුයි .


අඟර දඟර දුශ් ...........

       මේ වෙද්දී අපේ කස්ටිය කණ්ඩායම් දෙකකට කැඩිලා තිබුනේ.ඒ මම , ගීතික අයියා , සානිකා අක්කා , ශිරොෂි නගා විවේක ගනිමින් ඉඳිද්දී බනී , හිම හංසි නගා , කල්හාර තවත් පොත් ගන්න ඕනේ කියලා රස්තියාදුවේ ගියා. ඔන්න ටික වෙලාවකින් සානිකා අක්කා කියපි අනේ බං තව නංගියෙක් එනවා කිව්වා ඒකිව ගන්න යමු කියලා.අපිත් ඉතින් බැලුවා කවුද බොලේ මේ අපි නොදන්න නංගි බබා කියලා.ඔන්න ටික වෙලාවකින් නංගි බබා ආවා.බැලින්නම් මේ නංගි බබා වෙන කවුරුත් නෙමෙයි ආදර දුකක් කිය කිය හැම තිස්සෙම කියවන අඟර දඟර දුශ් අක්කා.අනේ ඉතින් අපි හැමෝම නංගි බබෙක් කියලා හිතාගෙන හිටියට පස්සේ බැලින්නම් එයා අක්කා බබෙක්.
   ඒක උනේ මෙහෙමයි.ඔන්න කුඹුරක් වගේම ලස්සන කොරටු කෑල්ලකුත් තිබ්බා.ඕකේ ඉතින් පොඩි පැලක් එහෙමත් හදලා තියෙනවා.අපිත් ඉතින් ඕකට ගිහිල්ලා පුටුත් තිබ්බ එකේ වාඩි උනා.ඔන්න ඉතින් අපි පස් දෙනෙක් හිටියට පුටු තිබ්බේ හතරයි. දැන් ඉතින් බාල මහලු ප්‍රශ්නයක් ආවා මේ පුටු වල වාඩි වෙන්න.ඔන්න ඉතින් අඟර දඟර දුශ් පැනපු ගමන් කියපි මම ** අවුරුද්දේ ඒක නිසා මමයි වැඩිමල් කියලා.ඔන්න ඔහොමයි නංගි බබා අක්කා බබා උනේ.ඉතින් ඒ කියපු විදිහට බැලුවම හරි.සානිකා අක්කා අඟර දඟර දුශ්ට වඩා අවුරුද්දක් බාලයි.මම සානිකා අක්කට වඩා අවුරුදක් බාලයි.ශිරොෂි නගා මට වඩා අවුරුදු දෙකක් බාලයි. හැබැයි ගීතික අයියා උඩ බලාගෙන හිනාවෙවී ඉන්නවා.අපිත් බැලුවා මොකද කියලා.බැලින්නම් ගීතික අයියා අඟර දඟර දුශ්ට වඩා අවුරුදක් වැඩිමල්.අනේ ඉතින් අඟර දඟර දුශ් පොඩ්ඩක් විතර බයිට් උනා.අනේ ඉතින් බාල මහලු ප්‍රශ්නේ ඉවර උනාට පස්සේ ගීතික අයියා කියපි "දැන් ඔය බාල කස්ටිය පුටු වල ඉඳගන්න මම වැඩිමල් නිසා උඩ ඉඳගෙන සියල්ල නිරීක්ෂනය කරන්නම් " කියලා අර පැලේ බිත්ති කණඩියක් උඩට බඩ ගාලා ඉඳගත්තා. ඔතන ඉතින් කස්ටිය වට වෙලා පොඩි පොඩි රසකතා කිය කිය ඉන්න අතරේ මොකක් හරි කතාවක් ඇවිල්ලා අපේ අඟර දඟර දුශ් අක්කා එයාගේ සුපුරුදු බයිලා එක ගැහුවා." අනේ මේ ආදරය කියන්නේ පුදුම දුකක් ".

අඟර දඟර දුශ් පෙම්බර දුශ් වෙයි ...........

      අනේ ඉතින් ඕක අහපු ගමන් ගීතික අයියා ෆුල් මූඩ් ගහලා ඉන්නවා. මෙන්න බොලේ එක පාරටම අඟර දඟර දුශ්ගේ අතින් අල්ලලා කියපි " ඇයි නගා ඔහොම කියන්නේ මම ඔයාට දුකක් නැති ආදරයක් දෙන්නම්කෝ කියලා ".ඔන්න ඔතන ඉඳන් තමයි බල්ටි විසිල් වදින සීන් වෙන්න පටන් ගත්තේ.දැන් ඉතින් එතන එක විකාරයයි.ගීතික අයියා පෙම්බස් දොඩවනවා.පෙම්බර දුශ් අත අතඇර ගන්න දඟලනවා.මෙන්න ටික වෙලාවකින් පෙම්බර දුශ් කියපි

දුශ් - අනේ අයියා අත අතාරින්නකෝ.මේ වටේපිටේ ඉන්න මිනිස්සුත් බලනවා.මට ලැජ්ජයි
ගීතික - බැහැ මට කැමතියි කියනකම් අත අතාරින්නේ නෑ.
දුශ් - හරි ඉතින් ඔය පරණ ලයින් නැතුව අලුත් එකක් කියන්නකෝ එතකොට සලකා බලන්නම් .









  








     ඔන්න ඉතින් ඔය වගේ සතුටු දායක විදිහට වැඩේ ගොඩ ගියා.දැන් ඉතින් වෙලාවකට දෙන්නත් එක්ක පෙම්බස් දොඩනවා.වෙලාවකට ගීතිකයා වෙන කෙල්ලෙක් දිහා බැලුවා කියලා මරාගන්නවා.අනේ ඉතින් දෙන්නගේ පවුලේ ප්‍රශ්නයක් නිසා අපිත් අත දන්නේ නැතුව පැත්තකට වෙලා ආතල් එකේ බලාගෙන හිටියා.

ඔන්න ඉතින් ටික වෙලාවකින් පෙම්බර දුශ්ට බඩගිනී කියපු නිසා සුපුරුදු විදිහට මැගී නූඩ්ල්ස්ම ගෙනාවා.අනේ ඉතින් පලවෙනි ආදරනීය මැගී කට වෙන කාටද ගීතික අයියට මිසක්.ඔන්න ඉතින් ඊට පස්සේ නගාලා හැමෝම ගීතික අයියට මැගී කටවල් කවන්න පටන් ගත්තා.මෙතන හිටපු තව නගා කෙනෙකුත් ගීතික අයියට මැගී කැව්වා.අනේ ඉතින් මෙන්න පස්සේ පොලවේ හැපි හැපි වැලපෙනවා ඒ පොටෝ එක පලකරන්න එපා කියලා.ඒ නගාගේ බලවත් ඉල්ලීම පරිදී  ඒ පොටෝ එක පල කලේ නෑ ඔන්න.නැත්තන් ඒකත් මෙතනට අයිතිවෙනවා.  



මෙන්න බොලේ ඒ අස්සේ අපේ අනිත් කණඩායම අපිටත් හොරෙන් ගෙදර ගිහින්.ඒක නිසා අපිත් 4.45 විතර එන්න පිටත් උනා.

කැටපත් පවුර ......... 

   ඔහොම එන අතරේ කැටපත් පවුර දැකලා කස්ටියටම ඕකේ කුරුටු ගාන්න ආසාවක් ඇති උනා.ඔන්න සානිකා අක්කා එයාගේ බ්ලොග් එක අවුස්ස අවුස්ස කවිපද ටිකක් කුරුටු ගෑවා.අපේ පෙම්බර දුශ් එයාගේ හැකියාවන් හමෝටම ප්‍රදර්ශනය කරමින් එයාගෙම ලස්සන චිත්‍රයක් ඇඳලා ඒකෙත් එයාගේ බයිලා එක ලියලා දැම්මා." ආදරය දුකක් ".ශිරොශි නගත් මොකක් හරි කුරුටු ගෑවා වගේ මතකයි.



සමුගැනීම ................

      ඔන්න ඉතින් අපේ පස් දෙනාගේ කල්ලිය තවත් කොටස් දෙකකට කැඩුනා.ඒ ගීතික , දුශ් , සානිකා සහ මම බම්බලපිටිය පැත්තට එන නිසාත් ශිරොශි නගා අනෙක් පැත්තට යන නිසා.ඔන්න ඉතින් ශිරොෂි නගා අපෙන් සමුගත්තට පස්සේ අපි හතර දෙනා පයින්ම බම්බලපිටිය පැත්තට එන්න පිටත් උනා.ඒ අස්සේ අවුරුදු 65 ක විතර වයසක කොල්ලෙක් පෙම්බර දුශ්ගේ කකුල පොඩ්ඩක් ටච් කලා කියලා පලු යන්න බනිනවා.සානිකා අක්කත් සූටි කොල්ලෙක් එයාගේ සද්දන්ත ඇඟ ටච් කලා කියලා ඌටත් පලුයන්න බනිනවා. අපිත් ඉතින් ඕවා අහගෙන තව පොඩි පොඩි රස කතාත් පෙම්බර ඩබලගේ වලිත් බල බල හිමින් සැරේ පයින්ම ආවා.ඔහොම එන අතරදී අපේ හමුදාපති අන්කල්ගේ ගේ හරියෙදී කස්ටියටම වතුර තිබහක් ආවා.
    ඔන්න ඉතින් හමුදාපති අන්කල්ගේ ගේ ඉස්සරහා සොල්දාදු අන්කල්ලා ඉන්නවා දැකලා අපේ පෙම්බර දුශ් එයාගේ එයාගේ පොඩි අඟර දඟර කෑල්ලක් දාලා වතුර ටිකක් ඉල්ලුවා.මෙන්න බොලේ එක සොල්දාදු අන්කල් කෙනෙක් " අනේ නගා ඔහොම ඉල්ලනවා නම් බෝතලේට බවුසරයක් හරි දෙන්නම්කෝ " කියලා දුවලා ගිහින් වතුර බෝතලයක් ගෙනත් දුන්නා. අනේ ඉතින් අපේ ගීතික අයියා ඕක දිහා මූන බෙරි කරගෙන බයේ ගැහි ගැහි බලන් හිටියා.ඇයි මොනවාහරි කිව්වොත් මිනිහට වෙඩි තියයි කියලා.ඒ වතුර බෝතලෙත් බිබී ආයෙත් පයින්ම ආවා. 

       ඔන්න ඉතින් තුම්මුල්ල හරියේදී අපේ හතර දෙනාගේ කල්ලිය  නැවත කොටස් දෙකකට කැඩුනා.ඒ ගීතික සහ සානිකාත් , දුශ් සහ මම විදිහට.ඔන්න ඉතින් පෙම්බර ඩබලගේ සමුගැනීම.මුන් දෙන්නා බාදාගෙන වෙලීගෙන සිප වැලඳගෙන එක විකාරයයි.අනේ මම ෆෝන් එක එලියට ගන්නකොට ගැරඬි දෙන්නෙක් වගේ වෙලිලා හිටපු දෙන්නා නයයි මුගටියයි වගේ දෙපැත්තට වෙලා.අනේ ඉතින් මට දවසේ හොඳම ඡායාරූපය ගන්න තිබ්බ අවස්තාව ඔය විදිහට මග ඇරුනා.

ඔන්න ඔය විදිහට තමා අපේ බුක්ෆෙයා චාරිකාව ඉවර උනේ.ඇත්තටම හරිම සුන්දර ඇත්දැකීමක් .............

   අනේ ඉතින් මේ රසකතා ටික ලිව්වේ මට මතක තියෙන විදිහට තමයි.ඒක නිසා මෙතන ලියවිලා නැති රසකතා පුද්ගලයෝ ගැන තව රස කතා තියනවා නම් කමෙන්ට් වල ලියලා යන්නත් අමතක කරන්න එපා.

ප.ලි - මෙම ලිපිය හුදෙක් ආතල් පිණිස ලියූ බවත් මේ මගින් කිසිවෙකුට අපහාසයක් හෝ මඩ , අතින් දමා ලිවීම සිදුනොකල බවත් ඇත්ත ඇති සැටියෙන් ලියා ඇති බවත් කරුණාවෙන් සලකන්න ........